Saturday, February 4, 2017

සූටික්කා

පැණි කුරුල්ලා නැත්නම්  සූටික්කා යනු පරිසරයේ වෙසෙන හුරුබුහුටි,වර්ණවත් කුරුල්ලෙකි. පොදුවේ සියලුම පැණි කුරුල්ලන් ඉංග්‍රීසි භාෂාවෙන්  Sunbirds නමින් හඳුන්වති. අපේ රටේ  සූටික්කන් වර්ග තුනක් දැකිය හැකිය.
<>01.   <>දම් සූටික්කා
<>02.   <>ලෝටන් සූටික්කා
<>03.   <>නිතඹ දම් සූටික්කා
මෙම  සූටික්කන් වර්ග සියල්ලම ලංකාවේ සෑම කලාපයකම පැතිරී සිටී.ගෙවතු, වගාබිම්, වනාන්තර ,කඩොලාන හා වගුරු බිම් සියල්ලෙහිම මෙම කුරුල්ලන් දක්නට ලැබේ. ‍ලෝටන් සූටික්කා වෙරළ තීරයේ වැඩිපුරම ජීවත් වන බව කියවේ.සෑම සූටික්කන් වර්ගයකටම දිගැති, යටට නැමුණු හොටයක් තිබේ.එහෙත් නිතඹ දම් සූටික්කාට අනෙක් කුරුල්ලට සාපේක්ෂව ඇත්තේ කෙටි හොටකි.වක්‍රාකාර හොට මල් වල පැණි උරා බීමට හැඩගැසී ඇත.
පැණි කුරුල්ලා නිවසේ එල්ලා වැටෙන විදුලි බුබුලක, මදුරු දැලක පවා කූඩුව සෑදීමට සමත්වේ. කොළරොඩු, දිය පෙඳ පාසි, මකුණුදැල් , කෙඳිවර්ග කැදැල්ලට යොදාගනී. පිරිමි කුරුල්ලා සෑම විටම ගැහැණු  සතා අසලින් සිට ඇය කූඩු තැනීමේදී ,බිත්තර රැකීමේදී ආරක්ෂාව සපයයි.
පැටවුන් රැක බලාගැනී මට දෙදෙනාම කාලය යොදවයි.පැයකට 16 වතාවක් පමණ පැටවුන් බැලීමට දෙමාපියෝ පැමිනෙති.රාත්‍රී පහන්වන තුරු කූඩුවේ ඇතුලත හෝ පිටත කවරකු හෝ රැකවරණයට සිටී.

No comments:

Post a Comment