Monday, February 6, 2017

විහඟ ලොව වැහිකුමරා..

විහඟ ලොව වැහිකුමරා
 මෝදු වන වැහි වළාකැටිති අසළ නොයිඳ, කළු වළා කැටිති අතරේ මනහර රැඟුම් රඟනා විහඟෙකු ඇත්නම් ඒ වැහිළිහිණියාය. වැහි එන නොඑන පණිවිඩය රැගෙන ආ මොවුන් ගොවි මහතුන්ගේ පරම මිතුරෙකි. ශ්‍රී ලංකාව තුල ජීවත්වන සෙසු වැහිළිහිණි විශේෂ අතුරින්  ඉතා පහසුවෙන් හඳුනා ගත හැකි මේ පුංචි සත්වයා නමින් ශ්‍රී ලංකා බඩරතු වැහිළිහිණියාය   
ඉංග්‍රීසි නම :-  Red-rumped Swallow / Sri Lanka Swallow
විද්‍යාත්මක නම :-  Hirunda daurica hyperythra
අයත් කුලය :- (HIRUNDINIDAE)
යටි කය නැත්නම් බඩ ප්‍රදේශය හා නිතඹ ප්‍රදේශය රතු / ඳුඹුරු පැහැයෙන් හැඩවී ඇත.මෙම වර්ණ රටාව කුරුල්ලාටත් කිරිල්ලියටත් පොදුය. කිරිල්ලිය මදක් වර්ණයෙන් අඩු වේ. 18 cm තරමට මොවුන් වැඩේ.අහසේ පියාඹන විට ටක් ගා තරමක ශබ්දයක් නගන්නේ මොවුන් කෘමිසතකු අල්ලා ගන්නා විටය.
යහපත් පාරිසරික සාධක සහ ආහාර පුරුදු මත වසර පුරාවටම  කැදළි තනා , බිත්තර දමා, පැටවුන් රැක බලා ගැනීම සිදුකරයි. අප්‍රේල් සිට ජූලි හෝ ජුනි අතර කාළය සරු අභිජනන කාළය නම්වේ. බොහෝ විට තම කැදැල්ල තැනීමට කෘතිම මිනිසාවිසින් නිර්මාණය කළ ස්ථාන තෝරා ගනී. ගොඩනැගිලි කොන්ක්‍රීට් පියස්සක යට පැත්තේ ,දුම්රිය බිම් ගෙවල් වල, ගුහාවල වැනි තැන් වල මොවුන් කූඩු සාදයි. වරකට බිත්තර 2-3 අතර ප්‍රමාණයක් දමයි.
පහත් බිම් සිට මධ්‍ය කඳුකරය දක්වා වන සියළුම පරිසර පද්ධතීන් වල ජීවත් වේ.වසර 2004 න් පසුව ශ්‍රී ලාංකීය ආවේණික පක්ෂි ලැයිස්ත්වට අලුතින් ආවේණික පක්ෂියෙකු ලෙස එක්වූ මෙම පක්ෂියා රැකගැනීම අප සතු වගකීමකි෴

No comments:

Post a Comment